ඡන්දය මගහැරීමත් එජාපයට සහය පළකිරීමක් – මහින්දගෙන් ශ්‍රීලනිපයට චෝදනා

ඡන්දය මගහැරීමත් එජාපයට සහය පළකිරීමක් – මහින්දගෙන් ශ්‍රීලනිපයට චෝදනා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකීසිටීම වක්‍රාකාරව එජාපයට සහය දැක්වීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ කුරුණෑගලදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රීලනිපය ක්‍රියාකළ ආකාරය සම්බන්ධව ගැටලුකාරී තත්වයක් මතුව ඇති බවත් ඔවුන්ගේ හැසිරීමෙන් එජාපයට වාසි සැළසූ බවත්ය.

කෙසේ වෙතත් මීට ඉහත වසර කිහිපයේ ඉදිරිපත්වූ අයවැය යෝජනා සඳහා මහින්ද රජපක්ෂ මහතා සහ එම පාර්ශ්වයේ පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.

Facebook
Twitter
LinkedIn