දුමින්දට ඇප දෙයි

2011 ඔක්තෝබර මාසයේ කොලොන්නාවේදී සිදුවී වෙඩි තැබීමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රුපියල් පනස් දහසක (රු.50,000) මුදල් ඇපද, රුපියල් පන් ලක්ෂය බැගි ශරීර ඇප දෙකක්ද මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (24) නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව ඔහුගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා සාක්කිකරුවනට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බව ද පැවසීය.

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා අධිකරණයට පැමිණ සිටියේ නැත.

Facebook
Twitter
LinkedIn