
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව දැඩි කණස්සල්ලෙන් පසුවන බව බව බ්‍රිතාන්‍යය ප්‍රකාශ කරන අතරතුර ලංකාවට ලබාදෙන ආධාර 20%කින් කපා හැරීමට ඇමරිකාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය හෙළි කරයි.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් විසින් එළිදක්වන ලද මානව හිමිකම් හා ප්රජාතන්ත්රවාදය පිළිබඳ 2012 වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ, 2012 වර්ෂයේදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය හා අධිකරණ ස්වාධීනත්වය යන ක්ෂේත්රයන්හි ඍණාත්මක වර්ධනයන් ගණනාවක් සහිතව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය බරපතළ කණගාටුදායක තත්වය ඇති බවය.
” මානව හිමිකම් ක්‍රියාකාරීන් බියවැද්දීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් දිගින් දිගටම සිදුවෙමින් ඇති බව සඳහන් කරන එම වාර්තාව බලහත්කාරී අතුරුදහන් දිගටම සිදුවෙමින් ඇත.
2012 වසරේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් වාර්තා නොවුණද පෙර වසරවල සිදුවූ, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් හා අතුරුදහන්වීම් පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතියක් දැකිය නොහැක.
විශේෂයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේ ලංකාවේ පැවත්වීමට නියමිතව තිබියෙදී මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය සහ නීතියේ පාලනය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නිර්ණායක සමග අනුගත වීම ප්‍රදර්ශනය කරන ලෙසට ශ්‍රී ලංකාව පොළඹවාගැනීමට අපි සෑම දෙයක්ම කරමු.” විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය විසින් සම්පාදනය කරන ලද එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජොන් කෙරී කොන්ග්රස් මණ්ඩලයට ඉදිරිපත් කළ අයවැය යෝජනාවල ශ්‍රී ලංකාවට සිදු කරන ඇමරිකානු ආධාර 20%කින් කපා හැරීමට යෝජනා කර තිබේ. ඒ සඳහාද පදනම් කර ගෙන ඇත්තේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නැවත ගොඩනැගීම හා දේශපාලන එකාබද්ධතාවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ අසමත්කම බව ප්‍රකාශ කර ඇත.









