සාකච්ඡා එපා – උ.කොරියාව

 

දකුණු කොරියාව විසින් කයිසන් කර්මාන්ත සංකීරණ‍යේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට කරන ලද යෝජනාව උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සමාජවාදී උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුං මහතාගේ 101 වන ජන්ම දින සැමරුම අද (15) දිනට යෙදී ඇති අතර එම දිනය ‍රටේ හමුදා බලය ප්‍රදර්ශනය කරන දිනයක් ලෙස සම්ප්‍රදායානුකූලව පැවතී ඇති නිසා උද්ගත වී ඇති තත්වය හමුවේ මිසයිලක් නිකුත් කිරීමේ ඉඩකඩක් ඇති බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.

පසුගිය වසරේ සුං මහතාගේ උපන්දිනය නිමිත්තෙන් අභ්‍යවකාෂ ‍රොකට්ටුවක් දියත් කළ අතර සුළු වේලාවකින් එය කඩා වැටුනි.

 

Facebook
Twitter
LinkedIn