ලලිත් – මහීපාල මනාප සටනට ඇණගනී

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සහ සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා අතර කාලාන්තරයක් තිස්සේ පවතින මානාප සටන නිසා අද (11) මහ රෝහලට සහ පළාත් රෝහල් 06කට ගිලන්රථ බෙදීමේ වැඩසටහන කඩාකප්පල් වී ඇතැයි වාර්තාවේ.

මෙම වැඩසටහන් අනුව දැනට වැඩබලන සෞඛ්‍ය ඇමති මෙන්ම නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාද වන ලලිත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 72ක් වටිනා සියලුම පහස්කම්වලින් සමන්විත ගිලන්රථ 09ක් කෑගල්ල මහරෝහලට 03ක් සහ පළාත් රෝහල් 06කට බෙදාදීම සඳහා ගිලන්රථ 06ක් වශයෙන් සූදානම් කර තිබී ඇත.

කෙසේ නමුත් කරවනැල්ල, මාවනැල්ල, උඳුගොඩ, රඹුක්කන, වරකාපොළ, කිතුල්ගල, යන පළාත් රෝහල් 06 සඳහා බෙදාදීමට සැළසුමුකර තිබූ ගිලන්රථ 06 මහ ඇමතිවරයාගේ නියෝගයක් මත උත්සවය සූදානම්කර තිබූ මහ‍ රෝහල් භූමියෙන් පිටතට රැගෙන ගොස් පළාත් සෞක්‍යකාර්යාලයට අයත් අසල කාර්යාල ගොඩනැගිල්ලක සඟවා තිබී ඇත.

එම ගිලන්රථවල යතුරු එම කාර්යාල ගොඩනැගිල්ලේ කාර්යාල කාමරයක් තුළට දමා එයට අගුලු දමා ගෝස් ඇත. එම කාර්යාලයේ සේවය කරන කිසිඳු සේවකයෙකු අද දිනයේ සේවයට වාර්තාකර නැතැයිද වාර්තාවේ.

පළාත් රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට එම උත්සවය සඳහා සහභාගීවී තමන්ට හිමි ගිලන්රථ  රැගෙන යන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දන්වා ඇති නමුත් මහ ඇමති මහීපාල හේරත් මහතා සෘජුවම එම අධ්‍යක්ෂක වරුන් අමතමින් පවසා ඇත්තේ අදාළ කටයුත්ත සඳහා සහභාගී වීමෙන් වලකින ලෙසයි. ඒ අනුව එකඳු අධ්‍යක්ෂක වරයෙකු හෝ ඒ සඳහා සහභාගී වී නැත.

පසුව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා විසින් කෑගල්ල මහරෝහලට පමණක් ගිලන්රථ 03ක් ලබාදී ආපසු හැරීගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn