මාතලේ සමූහ මිනී වල අසල සිදුවූ සැක සහිත හමුදා මෙහෙයුමක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පොලිස්පතිවරයාට ලිපියක් මගින් විශේෂ දැනුම්දීමක් කර තිබේ. එම ලිපිය පහත පළවේ.
පොලිස්පතිතුමනි,
මාතලේ සමූහ මිනීවළට අදාළවයි
2013 අපේ‍්‍රල් මස 10 වෙනි දින රාත්‍රී 10.15ට පමණ ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ති‍්‍රක් සංවිධායක සහෝදරයා විසින් මා හට දැනුම් දෙන ලද තොරතුරක් ඔබතුමාගේ දැඩි අවධානය සඳහා මෙසේ දන්වමි.
මෙම දැනුම්දීම ඉහත සඳහන් දින රාත්‍රී 10.28ට මා ඔබතුමා සමග කළ දුරකතන සාකච්ඡුාවට අනුව සිදුකරමි.
ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ති‍්‍රක් සංවිධායක සහෝදරයා අද රාත්‍රී 9.30ට පමණ මට දැනුම් දුන්නේ මාතලේ රෝහල් භූමිය තුළ ඇති දැනට මතුකරගෙන ඇති සමූහ මිනී වළ අසල අද රාත්‍රී 9.00ට පමණ යුද හමුදාවට අයත් බොලෙරෝ වර්ගයේ ජිප් රථයක පැමිණි නිල ඇඳුම් ඇදගත් 10ක් පමණ වූ පිරිසක් ගැවසෙන බවත් එම සමූහ මිනීවළ ඇති ස්ථානයේ එහා මෙහා ගමන් කරමින් සිටින බවත් මා හට දැනුම් දෙන ලදී.
මෙම සමූහ මිනීවළ පිළිබඳව දැනට ගරු අධිකරණය ඉදිරියේ ඉතා වගකීම් සහගත අධිකරණමය කි‍්‍රයාවලියක් පවතින බව ඔබතුමාද හොඳින් දන්නා කාරණාවකි.
කරුණු මෙසේ තිබියදී මෙම තොරතුර ඔබ වෙත දැනුම් දෙනු ලබන්නේ එකී සමූහ මිනී වළ පිළිබඳව අධිකරණ කි‍්‍රයාමාර්ගය කිසිදු ගැටලූකාරී තත්වයකට භාජනය නොවී අවසානය දක්වා සිදුවිය යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරන හෙයිනි. මෙම සිද්ධිය පිළිබඳ ඔබතුමාට දැනුම් දෙන්නේ මේ මොහොතේ සිදුවන බව කියන කිසියම් පිරිසක් මාතලේ සමූහ මිනීවළ අසල ගැවසීම පිළිබඳව මේ මොහොතේත් මින් ඉදිරියේදීත් ඔබතුමාගේ අවධානය හා නිසි රාජකාරී කටයුතු සිදුකෙරෙනු ඇතැයි යන විශ්වාසයෙනි.









