මාතලේටත් ජනපති කොමිසමක්

මාතලේ සමූහ මිනී වල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කොමිසමක් පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

මාතලේ රෝහල් භූමියෙන් හමුවු එකී මිනී වල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් එවැනි අධිකරණ ක්‍රියාවලියකට අවශ්‍ය සාක්ෂි අවශ්‍යතරම් ඇති බවත් අවධාරණය කළේය.

එකී මිනී වල ගැන පොලීසිය විසින් දැනට සිදුකරනු ලබන පරීක්ෂණවලට අමතරව නව කොමිසමක් මගින් ඒ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

එකී මිනී වලෙන් හමුවු මිනිස් අස්ථි කොටස් පිළිබඳ අංශ කිහිපයක්ම පරීක්ෂණ සිදුකළ අතර ජවිපෙ චෝදනා කරන්නේ මෙම සිද්ධියට එවකට එජාප පාලන සමය වගකිව යුතු බවත් එවකට මාතලේ භාර හමුදා නිලධාරියා ඝෝඨාභය රාජපක්ෂ බවත්ය.

එම මිනී වලෙන් මිනිස් අස්ථි කොටස් 154ක් හා හිස් කබල් 86ක් හමුවී ඇතැයි කියැවෙයි.

 


Facebook
Twitter
LinkedIn