බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව කටයුතු කළ යුතු බවත් සමාජයේ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හොඳ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා, පැපිලියානේ පැෂන්බග් නඩුව කැඳවමින් එහි සිටි සැකකාර බෞද්ධ භික්ෂූන් වහන්සේලාට කියා තිබේ.
බුද්ධ පුත්‍රයන් හැමවිටම බුදුන් අනුදැන වදාළ මග යායුතු බවද මහේස්ත්‍රාත් ප්‍රකාශ කර ඇත.
කොරළවැල්ල පුරාණ රජමහා විහාරයේ දම් පහළ රාහුල, ගල්කිස්ස තෙලවල සිරි විජය ධර්මායතනයේ දම්පහල ඥානරතන, කොරලවැල්ල පුරාණ රජ මහා විහාරයේ අනුරාධපුර පාලිත, පැපිලියානේ ටී එච් එම් ප්‍රේමකුමාර, පැපිලියානේ සජිත් ලක්මාල් (සන්නිවේදන ආයතන හිමිකරු) දිවුලපිටියේ පී. කේ. චන්ද්‍රසිරි (ව්‍යාපාරික), ප්‍රභාත් ජයෂාන්ත, දිවුලපිටියේ ඊ. ටී. චම්පික, කොහුවල ලලිත් ධර්මප්‍රිය, බොරලැස්ගමුවේ රනිල් ප්‍රනාන්දු (ත්‍රීරෝද රියදුරු), ප්‍රසන්න විමල් ද සිල්වා (පංසලක සේවක) උසාවියට ඉදිරිපත් කළ සැකකරුවන් අතර වූහ.
එම නඩුව නොපවත්වන බව දෙපාර්ශ්වයම අධිකරණයට දැන්වීමෙන් පසු සැකපිට නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ සැකකරුවන් 17 දෙනාම මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරනු ලැබීය.









