
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසමේ වාර්තාව (LLRC Report) පසුගිය 16දා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලදී. යුද්ධය නිමා වී වසර දෙකහමාරකට වැඩි කාලයක් පුරා තමන්ට ඉදිරිපත් වූ චෝදනාවලට පිළිතුරු ඇතැයි කියූ ‘මැජික් පෙට්ටිය’ ආණ්ඩුව විසින් විවෘත කර තිබේ. එහෙත් එය කිසිවක් මවා පෙන්වීමට නොහැකි නිකම්ම නිකන් පෙට්ටියක් පමණක් බව දැන් සමාජය හමුවේ කණගාටුදායක ලෙස නිරාවරණය වී තිබේ.
යුද්ධය තුළ ආරකෂක හමුදාවන්හි හැසිරීම පිළිබඳ විදේශීය වශයෙන් නැගුණු චෝදනා හමුවේ ඒවාට පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩුවේ එකම තුරුම්පුව වූයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් සභාවයි. එමගින් ජාතන්තරය හමුවේ ඉදිරිපත් කළ හැකි ශක්තිමත් පිළිතුරක් නිර්මාණය කර ගැනීමට ආණ්ඩුවට වුමනා කළා මිස කොමිසමේ නමින් හැදින්වෙන ආකාරයේ පාඩමක් ඉගෙන ගැනීමට හෝ ප්‍රතිසන්ධානයක් ඇති කිරීමට ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබුණේ නැත. නැතිනම් මේ වැනි කොමසමක් පිහිටුවීමට ජාත්‍යන්තර බලපෑම් එන තෙක් සිටීමට අවශ්‍ය වන්නේ නැත.
සිවිල් යුධමය තත්වයන් අවසානයේ ස්ථාපිත කෙරෙන මෙවැනි කොමිෂන් සභා අලූත් දෙයක් නොවේ. දකුණු අප්‍රිකාවේ සුදු කළු සිවිල් අරගලයෙන් පසු ස්ථාපිත කරන ලද සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම එවැන්නකි. ඒවා ජාත්‍යන්තරයට පිළිතුරු බැදීම ඉලක්ක කරගෙන ස්ථාපිත වන ආයතන නොව සැබවින්ම සිවිල් යුද්ධය තුළ සිදුවූ දෙය සමාලෝචනය කෙරෙන සහ ඉදිරියේදී එදිරිවාදිකම් තුනී කර දැමීමේ මාර්ග සොයාබැලීම සඳහා ස්ථාපිත කෙරෙන ඒවාය.
එහෙත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසන් සභාව ස්ථාපිත කෙරෙන්නේ, යුද්ධය පිළිබඳ වගවීමේ කි්‍රයාවලිය හදුනාගැනීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ඇති බව ලොවට පෙන්වීම සඳහාය. නොඑසේනම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෘජු මැදිහත්වීම යටතේ විදෙස් යාන්ත්‍රණයක් බිහිවීමේ දැඩි අනතුරක් ආණ්ඩුව හමුවේ පැවතිණ. ආණ්ඩුවේ පශ්චාත් යුධ හැසිරීමේ අසාර්ථකත්වය කෙතෙක්ද යත් අකමැත්තෙන් හෝ උගත් පාඩම් හා ප්‍රතිසංධානය කොමිසමක් පත් කර තිබියදී පවා දරුස්මාන් වාර්තාව ආණ්ඩුවට කළ බලපෑම අතිමහත්ය.
එවැනි තත්වයක් තිබියදී සහ දශක 03කට අධික කාලයක් පැවැති සිවිල් යුධ තත්වයක් පිළිබඳව මතුපිටින් අත ගා බලන අසම්පූර්ණ වාර්තාවක් සම්පාදනය කොට එළි දැක්වීම අතිශය අවදානම් සහගත ක්‍රියාවකි. මන්ද අසම්පූර්ණ කරුණු පදනම් කරගනිමින් එළඹ ඇත්තාවූ අසම්පූර්ණ නිගමන අසම්පූර්ණ යෝජනා, ප්‍රශ්නය තිබූ තැනටත් වඩා බැරූරැම් අඩියකට පත් කරලීමේ ඉඩක් මතුකරන බැවිනි. මේ තත්වය තුළ දරුස්මාන් කමිටු වාර්තාව ඒකපාර්ශවීය යැයි ආණ්ඩුව කියූ වේගයෙන් හා බරින්ම ආණ්ඩුවේ කොමිසන් සභා වාර්තාව හෑල්ලූ වී යෑම වැළැක්විය නොහැක. ගැටලූවට අදාල විසඳුම් (උත්තර නොවේ) ගවේෂණය සඳහා නොව කවුරුන් හෝ සතුටු කිරීම සඳහා රැවටීම සඳහා උත්තර නිර්මාණය කිරීමට යාමේදී මෙවැනි කණගාටුදායක ඉරණම්වලට මුහුණ දීමට සිදුවීම අහම්භයක් නොවේ.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම උපන් ගෙයිම එයටම ආවේණික වූ අසාර්ථකත්වයන් කැටිකරගත් අතර 2010 මැයි 15 සිට 2011 මැයි 15 දක්වා වසරක කාලය තුළ කි්‍රයාකාරිත්වයේදීද දුබලතා ප්‍රදර්ශනය කළේය. වසර 30කට වැඩි කාලයක් යුධමය ලෙස ප්‍රකාශයට පත් ඛෙදුම්වාදය පිළිබඳව හෝ එය බිහිවීමට බලපෑ දේශීය සාධක, ඓතිහාසික තත්වයන් සමාලෝචනය කිරීම කොමිසමට පැවරී තිබුණේ නැත. අනෙක් අතට ඛෙදුම්වාදී බලවේගවල කි්‍රයාකාරිත්වයට අධිරාජ්‍යවාදයේ සහ අසල්වැසි ඉන්දියාවේ දායකත්වය විමසා බැලීම කොමිසමේ විෂය පථයට අයත් නොවීය. කොමිසමට මේ සමස්තයෙන් සලකා බැලීමට නියම වූයේ, 2002 පෙබරවාරී 22 දින අත්සන් තබන ලද සටන් විරාම ගිවිසුමේ සිට 2009 මැයි 19 යුද්ධය අවසන් වීම දක්වා කාලය තුළ දිගහැරුණු සිදුවීම් පිළිබඳවය. එය ද ඒවායේ ගැඹුරු සමාජ දේශපාලන ආර්ථීක සබඳතාවලින් වියුක්තව මතුපිටින් අතගාමිනි.
2010 මැයි මාසයේ සිට 2011 මැයි මාසය දක්වා වූ වසරක කාලය තුළ කොමිසමේ කි්‍රයාකාරිත්වය ද පුළුල් මහජන අදහස් සලකා බැලීමකට ඉඩ විවර නොකළ බවටද චෝදනා එල්ල විය. උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ සාක‍්ෂි විමසීමේදී ප්‍රමාණවත් කාලයක් වෙන්නොවූ බවට ද සාක‍්ෂි ලබාදීමට ඉදිරිපත් වූ ඇතමුන්ට ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලන කණ්ඩායම්වලින් බලපෑම් එල්ල වූ බවටද චෝදනා නැගී තිබිණි. ඒ අර්ථයෙන්ද වුවද කොමිසම උතුරේ ජනයාට සාධාරණය ඉටුකිරීමට අසමත් වී තිබේ.
උතුරේ අද කි්‍රයාත්මක වනුයේ අර්ධ මිලිටරිමය පාලනයක් වන බව අප විසින් පෙන්වා දෙනු ලැබූවේ වරක් දෙවරක් නොවේ. උතුරේ සිදුවන ඇතැම් පුද්ගල පැහැරගෙන යෑම්, පහරදීම් පිටුපස ආණ්ඩුවේ ආරකෂක අංශවල සම්බන්ධතාව කිසිවෙකුටත් සැඟවිය නොහැකි වේ. යුද්ධය හේතුවෙන් දහස් සංඛාත ජනතාවක් අවතැන් වී ඇති අතර ඔවුන්ට තමන්ගේ ගම්බිම්වල පදිංචි කරවීමටත් ඔවුන්ගේ කෘෂි ධීවර ව්‍යාපාර හා වෙළදාම් ආදී ආර්ථීක කි්‍රයාකාරකම් යථාවත් කර ගැනීමටත් අතුරුදන් වූ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු දැනගැනීමටත් තවමත් නොහැකි වී තිබේ. කෙටියෙන් තියතොත් උතුරේ තවමත් සිවිල් පරිපාලනය ස්ථාපිත කරලීමට ආණ්ඩුව අසමත්ය. මේ තත්වය තේරුම් ගැනීමට ආණ්ඩුවේ කොමිසම ද අසමත්ය. නැතහොත් ආණ්ඩුව අපහසුතාවයට පත් නොකිරීමේ සීමා තුළ අදහස් දක්වන්නට පරෙස්සම් වී තිබේ.
ආණ්ඩුවේ පාර්ශවයක් වන ඊ.පී.ඩී.පී.ය සම්බන්ධයෙන් පරීකෂණ පැවැත්විය යුතු බවට යාන්තමින් අඟවා සිටින කොමිසම උතුරේ ජනමතය පාලනය කිරීමෙහිලා ආණ්ඩුවේ බලපෑම් සහගත දේශපාලනය, වෙනත් සංවිධානවලට දේශපාලන කටයුතු සඳහා ඉඩ නොදීම කෙරෙහි අසංවේදීය. හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ කොමිසම සතුට පළකරන නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් ක්‍රියාත්මක නිසා එය අර්ථශුන්‍ය වී ඇති බව නොකියයි. කොමිසම යුද්ධය පැවැති කාලය පිළිබඳව සොයාබැලීම තමන්ගේ විෂය පථය කරගත් නිසාම අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලූවට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ඇති පුද්ගලයන්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීමකින් තොරව මගහැර යෑම මහ දවාලේ ඇස් පියාගෙන ඇවිදීමකට සමානය.
මේ තත්වය තුළ කොමිසමේ වාර්තාවේ හොද හෝ නරක යෝජනා වෙන් වෙන් වශයෙන් සලකා බැලීමේ තේරුමක් නැත. සිය නමින් ප්‍රකාශිත ප්‍රතිසන්ධානයක් ජාතිකත්වයන් අතර ඇතිකිරීමේ අභියෝගාත්මක කටයුත්තට විසඳුම් සෙවීම තබා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය යහ පාලනය ස්ථාපිත නොවීම වැනි, ඊට බාධාකරන ආණ්ඩුවේ පොදු හැසිරීම ප්‍රශ්න කිරීමට පවා කොමිසම ඉදිරිපත් නොවේ.
අනික් අතට කොමිසමේ ඇති නිර්දේශ යුද්ධයෙන් වසර 2 1/2 කට පසු ඉදිරිපත් වීම තුළ අපහසුතාවයට පත්වන්නේ ආණ්ඩුවමය. මන්ද ඒවා බොහොමයක් කොමසමක නිර්දේශයන් ලෙස ඉදිරිපත් කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකිව තිබූ ඒවා බැවිනි. උතුරේ යළි පදිංචි කිරීම ජන ජීවිතය යථාවත් කර ගැනීම ආධාර ලබාදීම, ඉඩම් ආපසු ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වූවන්ගේ ගැටලූ විස`දීම, සිවිල් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම වැනි දේ ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කළේ යුද්ධය අවසන් වී මාසක් යාමටත් පෙරය. රටේ අන් සියළු දේශපාලන කටයුතු සය මසකට නවතා එම වැඩපිළිවෙළ කි්‍රයාත්මක කිරීමට සියලූ දේශපාලන පකෂවලින් සමන්විත කමිටුවක් පත් කිරීමට ජවිපෙ යෝජනා කළේ මෙම කටයුත්තේ ප්‍රමුඛතාව මනාව හඳුනාගනිමිනි.
එහෙත් ආණ්ඩුව පමණක් නොව ශී්‍ර ලංකාව රටක් ලෙස අභියෝගයට ලක්වීමේ අවදානම රාජපකෂ ආණ්ඩුව එදා තේරුම් ගත්තේ නැත. වසර දෙකහමාරකට පසුවද පෙනෙන්නේ ආණ්ඩුවේ කොමිසම මගින් ආණ්ඩුව උගත් පාඩමක් නොමැති බවය. පැවැති දුබල ධනපති ආණ්ඩු මෙන්ම රාජපකෂ ආණ්ඩුව ද ජාතිකත්වයන් අතර ප්‍රතිසන්ධානයක් ගොඩනැගීමට අසමත් බවය.
කොමිසමේ නිර්දේශ ලෙස බොහෝ කොටම ඇත්තේ ආණ්ඩුව කලින් කළ යුතුව තිබූ දේය. එනම් අදට අනුව ‘කල් ඉකුත් වූ භාණ්ඩය’. කල් ඉකුත් වූ දේ රට හමුවේ මෙන්ම ජාත්‍යන්තරය හමුවේ ද අලෙවි කිරීමට යෑමේ අවදානම ආණ්ඩුව දරාගත යුතුය. වාර්තාව ‘පිළිතුරක්’ ලෙස ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුවේ අභියෝගය එයය.









