ශල්‍යාගාරයේදී තම කන්ඩායම විසින් ශල්‍යකර්මයට භාජනය කල රෝගියාගෙන් තද කොළ පැහැති රුධිරය වහනය වනු දුටු වෛද්‍යවරුන් පිරිසක් විමතියට පත්වූ පුවතක් කැනඩාවෙන් වාර්තා වේ.
80 දශකයේ ජනපි‍්‍රයත්වයට පත් රූපවාහිනි මාලා නාටකයක් වූ ස්ටාර් ටේරක් ටෙලි නාට්‍යය යලි සිහිගන්වන මෙම අසාමාන්‍ය සිදුවීමට ලක්වී ඇති 42 හැවිරිදි පුද්ගලයා ඉරුවාරදයට දිගු කාලයක් පුරා ලබාගත් ඖෂධයක් හේතුවෙන් ඔහුගේ රුධිරය මෙම අසාමාන්‍ය වර්ණ වෙනසට ලක්වී ඇතැයි වෛද්‍යවරුන් අනුමාන කරති.
මිනිස් රුධිරයේ සල්ෆර්මෝග්ලෝබීන් වර්ධනය විම මගින් රුධිරයේ ඇති රක්ත වර්ණය කොළ පැහැයට වෙනස් වන බව පිළිගත් වෛද්‍ය මතයවේ.
8








