පෞද්ගලික බස් රථ හිමියන් විසින් අද (30) අලුයම ආරම්භ කළ බස් වර්ජනයට සම්බන්ධවූ මතුගම පෞද්ගලික බස් රථ සේවකයින් තම වැඩවර්ජනය අවසන් කර තිබේ.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව කොළඹ – මතුගම මාර්ගයේ බස් වර්ජනය අවස්න්වූ බවයි.
මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ භූමියේ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරිමට සැලසුම් කිරීම සහ නීති විරෝධී මාර්ග බලපත්‍රයක් ලබාදීමට විරෝධය පළ කරමින් අද උදෑසන මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.
පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවත් ඒ මහතා පැවසීය.
Views: 0









