එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (30) පස්වරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් තාවකාලිකව පක්ෂ තහනමකට ලක්කළ මන්ත්‍රීවරුන් පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය 18 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවති රැළියට සහභාගීවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
මේ අතර දෙසැම්බර් මස පළමු වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය පිළිබඳ අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේ දී විශේෂ අවධානය යොමුකිරීමට අපේක්ෂිත බවද සඳහන්ය.
Views: 0









