කොළඹ සිට රටේ ප්රධාන නගර දක්වා දිවෙන දිගුදුර ධාවන මාර්ග 20ක පෞද්ගලික මගී ප්රවාහන බස් රථ වර්ජනයක නිරතවී ඇතැයි බස් හිමි සංගම් පවසයි.
අද (30) අලුයම සිට මෙම වර්ජනය ආරම්භකර ඇති අතර එම මාර්ග වන්නේ කොළඹ – මොරටුව (100), කොළඹ – පානදුර (101) කොළඹ – අලුත්ගම (430) හා කොළඹ – මතුගම ඇතුළු තවත් මාර්ග විස්සකි.
මේ නිසා මගීහු සිය ගණන් අතරමං ව ඇති බවත් පවතින කාලගුණික තත්වයන් නිසා මගී ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බවත් වාර්තාවේ.
Views: 0









