TNA අපේක්ෂකයන් ඉල්ලා අස්වේ

 

තර්ජන එල්ලවීම හේතුවෙන් දෙමළ සන්ධානයේ (TNA) අපේක්ෂකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.

මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති පළාත් සභා මැතිවරණයට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරඟවදින TNA අපේක්ෂකයින් දෙදෙනෙක් නාමයෝජනා භාරදීමට පෙර ඉල්ලා අස්වූ බැවින් නැවත එම නාමයෝජනා පත්‍රය සකස් කිරීම‍ට සිදුවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

රටේ ආණ්ඩු බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ දේශපාලන පක්ෂ අනෙකුත් දේශපාලන අපේක්ෂකයින්ට තර්ජනය කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.

TNA මඩකලපුව දිස්ත්‍රික් අපේක්ෂක කේ. දුරෙයි රාජසිංහම් මහතගේ නිවසට පැමිණි නාඳුනන පිරිසක් විසින් දොරට ඉබි අගුල් දමා ගොස් ඇති බවත් පොලීසියේද උදව්ව ඇතිව දොර අගුල්  කඩා ඉවත්කළ බවත් වාර්තාවේ.

තවද සණ්ධාන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුලලිතරන්ගේ කරුණා කල්ලිය නමින් හඳුන්වන අවි සහිත කණ්ඩායම්වල තර්ජනයන්ද මෙම මැතිවරණයේදී ඉතා ඉහළ යනු ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

 

Facebook
Twitter
LinkedIn