මැතිවරණයට ඉදිරිපත්වී ඇති ප්රදේශීය සභා හා නගර සභා සභාපතිවරුන් මැතිවරණයේදී රාජ්ය දේපළ මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරීම පිළිබඳව විපක්ෂයෙන් දිගින් දිගට එල්ලවන චෝදනා හමුවේ එවැනි සභාපතිවරුන් නිරීක්ෂණය කිරීම සඳහා සිවිල් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යෙදවීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
අද(20) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව හෙළිකර තිබේ. එසේම එවැනි සභාපතිවරුන්ට මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා තනතුරුවලින් ඉල්ලා අස්වීමට නීතීමය ප්රතිපාදන නොමැති හෙයින් එවැනි අපේක්ෂකයින්ට අනිවාර්ය නිවාඩු ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කරන බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා ප්රකාශ කර තිබේ.
Views: 0









