![]()
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නවීන පහසුකම් සහිත සත්මහල් ප්‍රාසාදයක් ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකිරීමට නියමිත බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහනුවර ස්විස් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ. මේ සඳහා වැය මුළු මුදල කෝටි 280ක් වන බවද මාස 18-24ක් අතර කාලයකදී සාදා නිම කිරීමට හැකිවන බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.
කෙසේ වුවද මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලනිපයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් කිසිවෙකු සහභාගි වී නොමැති බවත් ඔවුන් මේ සම්බන්ධයෙන් නොදැනුවත් බවත් වාර්තා වේ.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ඊයේ (18) පැවැති ගොවි නියෝජිත රැස්වීමකදී කියා සිටියේ නින්දා අපහාස ඇණුම් බැනුම් හොදට හුරු බවයි. නින්දා අපහාස විඳගෙන මෙතෙක් කල් දේශපාලනයේ නොයෙක් තනතුරුවල නියුතු වූ බවද ඇමතිවරයා කියා සිටියේය.
Views: 0









