ශ්රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අද (21) අමුතු සිදුවීමක් සිදු විය.
ඒ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම සඳහා ඡන්දයක් ඉල්ලා ඡන්දය ඉල්ලූ මන්ත්රීවරයා ඇතුළු එයට විරුද්ධව ඡන්දය ලබාදීමට සිටි මන්ත්රීවරු පාර්ලිමේන්තු සභාගැබෙන් ඉවත්ව යාමයි.
ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සඳහා ගෙවන වැටුප් හා දීමනා සංශෝධනය කිරීමට ගෙනා පනත් කෙටුම්පතේ ඇති අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරේ වර්තමානයේ කටයුතු කරන දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මියට පමණක් පෞද්ගලික වන සේ ඇයගේ වැටුප් වැඩිකිරිමට කර තිබෙන යෝජනාවට අදාළව එම මන්ත්රීවරු සිය විරෝධය දක්වමින් විවාදයේදී අදහස් දැක් වූහ. නුමත් එම යෝජනාව සම්මතවීමට ඉඩ හැර ඔවුන්ගේ විරෝධයක් නොතිබුණු යෝජනාවකට ආළව ඡන්දය ඉල්ලා තිබේ.
කෙසේ නමුත් එම යෝජනාවට අදාළව විරුද්ධව හෝ පක්ෂව ඡන්දය ලබාදීමට නොඉඳ එම මන්ත්රීවරු සභාගැබෙන් පිටව ගොස් ඇත.
මෙම පනත් කෙටුම්පතේ අදාළ යෝජනාවට බෙදීමක් ඉල්ලිමින් ඡන්දයකට යායුතු බව යෝජනා කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මන්ත්රීවරයා ය. ඔහුද සභා ගැබෙන් පිටව ගොස් තිබේ.
එහිදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 68ක් ලැබී ඇති අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ලබාදී නැත.









