රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ මහතා ප්‍රකාශයක් ලබාදීමට අද (01) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැදවා තිබේ.
පසුගිය දිනෙක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඒ මහතාගේ නිවසට ගිය ද පිට කොන්දට පත්තු බැද ඇදක වැතිරී සිටීම නිසා ඔවුන්ට ආපසු හැරී ඒමටද සිදුවිය. ඉන් පසුව අවස්ථා ගණනාවකදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණෙන ලෙස දැනුම් දුන්නද තමා අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් විවිධ හේතු දක්වමින් සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගහරිමින් සිටියේය.
5








