“ගෝඨාභය තව ටිකෙන් මගේ පුතාටත් වැඩේ දෙනවා”

තමන්ගේ පුත්‍රයාව පැහැරගෙන ගියේ ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම් බවත් තමන්ගේ ගෝලයන් තිදෙනෙකුද පැහැරගෙන ගිය නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය බේරාදුන් බවත් මහින්ද රාජපක්ෂ මහතාට එය හැකිවූයේ ගෝඨාභය රාජපක්ෂ එය සිදු කළ නිසා බවත් හිටපු මහජන සම්බන්ධතා මර්වින් සිල්වා මහතා පවසයි. 

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත්කරගැනීමට යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මර්වින් සිල්වා මහතා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂට වඩා මරු සිරා හොඳ බවය. ගෝඨාභය, රාජපක්ෂ යුගයේ පැවති සුදු වෑන් සංස්කෘතියේ පියා බවද මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn