මහින්ද පිළට ගීතාගෙනුත් අර්බුදයක්

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධාය ධුරයෙන් නෙරපූ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය මහින්ද පිලේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කිරීමට විරෝධය දක්වමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු 08 දෙනෙකු මහින්ද පිලේ සියළු රැස්වීම් වර්ජනය කිරීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පවත්වා ඇති රැස්වීමකටද සහභාගී වී නැති මොවුන් ගීතා කුමාරසිංහට සිය විරෝධය දක්වන බැණරයක්ද මහජනතාවට පෙනෙන සේ ප්‍රදර්ශනය කර ඇති බව පැවසේ. 

සංවිධායිකා ගීතා කුමාරසිංහ මන්ත්‍රිනියට විරෝධය දැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔවුන් අට දෙනා වෙනුවෙන් හිටපු සභාපති රංජිත් ජයසිංහ මාධ්‍ය වෙතද පවසා ඇත.

Facebook
Twitter
LinkedIn