ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයා ලෙස සැලකෙන මොහොමඩ් අලි ඇමෙරිකාවේ ඇරිසෝනාහි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
මිය යන විට මොහොමඩ් අලි 74 වන වියේ පසු වූ අතර ඔහු බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව දරුණු ලෙස පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය. පසුගිදා ඔහු රෝහල් ගත කර ඇත්තේ හදිසියේ ඇති වූ ස්වසනාබාධ තත්වයකින් බව පැවසේ.
1964 වසරේදී සිය පළමු ලෝක හෙව්වේට් බොක්සිං කිරුළ ජයග්‍රහණය කළ මොහොමඩ් අලි පසුව 1974 හා 1978 වසරවලදීද නැවත එම කිරුළ ජයග්‍රහණය කරමින් තුන්වරක් ලෝක බොක්සිං ශූරතාව දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත් විය.
මොහොමඩ් අලි 1984 වසරේදි සිය ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා දිවියට සමු දුන් අතර පසුව ඔහු විටින් විට දරුණු ලෙස පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටියේය.
Views: 0









