වත්මන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව ජනාතව මත බදු පටවිමන්, ජාත්‍යාන්තරය ඉදිරියේ රට නය උගුලේ ගිල්වමින්, නාස්තිකාර වියදම් සිදුකරමින්, රත තව තවත් අගාදයට ඇද දමන බවත් පවසමින් ආණ්ඩුවට විරුද්ධව ජනතාවිමුක්තිපෙරමුණ අද (3) කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.
කාර්මික විද්‍යාල හන්දියේ සිට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දක්වා පාගමණ පවත්වා දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වීය.
ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයින් වන කේ.ඩී. ලාල්කාන්ත, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
ජනතාවට – බදු පිට බදු
වැට් ගහනවා – ණය ගන්නවා
ආණ්ඩුවේ – බොරු වියදම්
රට නැත්තට – නැති කරනවා
සෞඛ්‍යයට – වැට් ගැහුවයා
දුරකථනෙට – වැට් ගැහුවා
වෙළඳාමට – වැට් ගැහුවා
රෝද තුණට – බදු ගැහුවා
අගමැති හට – යන්න එන්න
කෝටි 60යි – වාහනේට
ලැජ්ලා නැද්ද – බදු ගහන්න
දුප්පතාගේ – වාහනේට
කිව්වා නේද – දෙනවා කියලා
කාර් එකක් – නොතෙමි යන්න
දුන්නා නේද – දුප්පතාට
වීල් එකක් – නැතුව යන්න ආදී සටන්පාඨද කියනු දක්නට ලැබිණි.
එම අවාස්ථාවේදී ජවිපෙ නායකයින් දැක්වූ අදහස් පහතින් පළ වේ.












අනුර දිසානායක මහතා සිදුකළ කතාව
ටිල්වින් සිල්වා මහතා සිදුකළ කතාව
විරෝධතාවයේ නියැලෙන ජනතාවගේ හඬ









