කම්කරුවන් සූරාකන කූඨ ජාවාරමක්

රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ තිබී මේ වනවිට පෞද්ගලික වතු සමාගම්වලට පවරා තිබෙන් තේ, රබර් සහ පොල් වතුවල සේවය කරන අතිවිශාල කම්කරුවන් පිරිසකගේ දෛණික කුළිය රුපියල් 450ක් නොඉක්මවන බව වාර්තා වේ.

එම කුළිය රුපියල් 620 දක්වා වැඩි කිරීමට මාසයකට දින 20ක් අනිවාර්යයෙන්ම එම වතු සමාගම්වල වැඩකළයුතු බවට නීතියක් පනවා තිබේ. එහෙත් වතු සමාගම් කූඨ ලෙස මෙම කම්කරුවන් සඳහා දින 20ක මාසික ආවරණයක් ලබා නොදෙයි. 

මේ නිසා වතුකම්කරුවන්ගෙන් 70%ක පමණ පිරිසක් රුපියල් 450ක දෛණික කුළියට වැඩකරන බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn