වැටුප් සහ දීමනාවල වැඩි කිරීම් සිදු කර තිබියදීත් වැඩි වැටුප් ඉල්ලා ගුරු ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට (30) දිනට සැලසුම් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව ගුරුවරුන් සහ දෙමව්පියන් පිරිසක් අද (29) බගවන්තලාවේදී උද්ඝෝෂණයක නිරත වූහ.
බගවන්තලාව නගර මධ්‍යයේ සිට පෙළපාලියකින් පැමිණි ගුරුවරුන් සහ තවත් අය කියා සිටියේ ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය වතු කම්කරුවන් ඇතුළු රටේ සියලු පුරවැසියන්ට අයවැයෙන් සහන ලබා දී ඇති බවයි. එසේ තිබියදී අයවැයට විරෝධය පළ කරමින් ගුරු වෘතිය සමිති කිහිපයක් සැලසුම් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සදාචාරාත්මක නොවන බවට ඔවූහු චෝදනා කරති.
හෙට දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට කටයුතු කරන බවද උද්ඝෝෂණයට එක් වූ ගුරුවරුන් කියා සිටියේය. ඒ නිසා සාමාන්‍ය පරිදි පාසල් පැමිණෙන්නයි ඔවූහු සියලු සිසු සිසුවියන්ගෙන්ද ඉල්ලා සිටිති.





Views: 19










