විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේතර් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පසුගියදා නවදිල්ලි හිදී පැවැත්විණි.
ඒ, නවදිල්ලි නුවර පැවැති ඉන්දියන් සාගර රිම් සංගමය (IORA) 25 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ඉන්දීය නවදිල්ලි නුවට ගිය අවස්ථාවේදීය.
එම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් සහ මාලදිවයින් විදේශ අමාත්‍ය එච්.ඊ. ඉරුතිෂම් ඇඩම්ද හමුවී සාකච්ඡා කර තිබේ.


Views: 5










