ගෝටාබටත් බැරි වුණු ෂොට් එක රනිල් දුන් හැටි…

ගෝටාබටත් බැරි වුණු ෂොට් එක රනිල් දුන් හැටි…

මෙරට ආර්ථිකය බංකොලොත් කරමින් ජනතාවට දරා ගත නොහැකි අසීමිත උද්ධමනයක් පැවති වකවානුවක ගෝඨාභය රාජපක්ෂ විසින් උපයන විට ගෙවීම් බදු කඩඉම් සීමාව රුපියල් 250,000 දහසේ සිට රුපියල් 150,000 දක්වා පහත දැමීය.

එය 2022 ජූනි මස පළවැනි දින සිට ක්‍රියාත්මක කළ අතර, ඒ වන විට රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නාමික වැටුප් අනුපාතිකය 133.1ක් විය. මූර්ත වැටුප් අනුපාතිකය 65.4ක් වී තිබිණි.

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රිවරු විසින් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා ගත් පසු 2023 ජනවාරි පළවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උපයන විට ගෙවීම් බදු කඩඉම රුපියල් 100000 දක්වා තවදුරටත් පහත හෙළීය. ඒ වනවිට රාජ්‍ය සේවක නාමික වැටුප් අනුපාතිකය 133.1ක් වී තිබුණු අතර, මූර්ත වැටුප් අනුපාතිකය 58.7ක් දක්වා තවදුරටත් පහත වැටී තිබුණි. ගෝඨාභය රාජපක්ෂ පවා රාජ්‍ය සේවකයන් මත පැනවූ බදු පීඩනය ඉක්මවා ගිය පීඩනයක් රනිල් වික‍්‍රමසිංහ විසින් එල්ල කර තිබිණි.

එම තත්වයන් හමුවේ නිවට ලෙස ක්‍රියා කළ ඇතැම් වෘත්තිය සමිති මහජනතාව අපහසුවට පත් කිරීමේ ක්‍රියා මාර්ගවලට සැලසුම් කරමින් සිටී. ඔවුන් මෙම ක්‍රියා මාර්ග දියත් කරන්නේ උපයන විට ගෙවීම් බදු කඩඉම් සීමාව මේ වන විටත් රුපියල් 150,000 දක්වා ඉහළ දමා ලබන වසරේ අප්‍රේල් මස සිට එය රුපියල් 162,500 දක්වා තවදුරටත් ඉහළ දැමීමට ක්‍රියාකාරකමින් සිටියදීය. එමෙන්ම රනිල් වික‍්‍රමසිංහ යටතේ 2023 ජනවාරි පළවැනි දින වන විට පැවති රාජ්‍ය සේවකයන්ගේ නාමික වැටුප් අනුපාතිකය ඒකක 133.1 සිට මේ වන විට ඒකක 192.6ක් දක්වා විශාල වශයෙන් ඉහළ දමා තිබේ. එසේම මූර්ත වැටුප් අනුපාතිකය 58.7 සිට ඒකක 76.5ක් දක්වා විශාල වශයෙන් ඉහළ දැමීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර තිබේ. එවැනි පසුබිමක රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්වය ගුණාත්මක වශයෙන් වේගයෙන් ඉදිරියට ගෙන තිබියදී බංකොලොත් දේශපාලන පක්ෂවල බළල් අත්සේ ක්‍රියාකරන වෘත්තිය සමිති කෙරෙහි මහජන අවධානය යොමු වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්