රාජපක්ෂලාට බෝනස් මන්ත්‍රීකමක්…

රාජපක්ෂලාට බෝනස් මන්ත්‍රීකමක්…

සියලු අංශවලින් ජනතාව විසින් පරාජය කර සිටින රාජපක්ෂ පරපුරේ දේශපාලනයට නැවත පණ දෙන ප්‍රධානියා ලෙස මන්ත්‍රී අර්චුනා රාමචන්ද්‍රන් පත්ව සිටින බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙති.

එම නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ පොහොට්ටු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ හතරවන මන්ත්‍රී ධුරයක් ලැබී ඇති බවත්, එය බෝනස් මන්ත්‍රී ධුරයක් වන බවත් අර්චුනා රාමචන්ද්‍රන් උතුර මෙන්ම රාජපක්ෂ වේදිකාවේද, සිටිමින් ප්‍රසිද්ධියේ අන්තවාදී ප්‍රකාශ සිදු කිරීමට තරම් ඉදිරියට පැමිණ තිබෙන බවය.

ප්‍රභාකරන් තමන්ගේ දෙවියන් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ ඔහු, රෝහිත අබේගුණවර්ධනගේ උපහාර වේදිකාවේ ප්‍රධාන ආරාධිතයෙක් විය. පොහොට්ටු පක්ෂයේ අනුරාධපුර වේදිකාවේත් ප්‍රධාන ආරාධිත කථිකයෙකු ලෙස කැඳවාගෙන තිබූ අර්චුනා රාමනාදන් එහිදීද බෙදුම්වාදී ප්‍රවණතා උලුප්පමින් අදහස් දක්වා තිබිණි.

මෙම බෝනස් මන්ත්‍රීවරයා හමුවේ සමාව ඉල්ලමින් කතා කිරීමට තරම් විමල් වීරවංස ඇතුළු රාජපක්ෂ අන්තවාදීන් අසරණ වී ඇතැයි වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙම අන්තවාදීන්ට ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික කළ ප්‍රකාශයක වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්