පූජ්ය ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂූව මූලික කර ගනිමින් පවත්වන ව්යාජ විරෝධතාවල සැබෑ අරමුණ හෙළි වී තිබේ.
බලංගොඩ කස්සප භික්ෂූව ඊයේ (19) අවධාරණය කර තිබෙන්නේ “වෙන ජනාධිපති කෙනෙක් පත් කර ගෙන හරි අපේ අරමුණු ඉටු කර ගන්නවා” යනුවෙනි. භික්ෂූන් සුළු පිරිසක් ඉදිරියට දමා ගෙන මහනුවරින් ආරම්භ කළ පා ගමන පිටුපස ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ මැදිහත්වීම ප්රදර්ශනය විය. එම සංවිධායකයින්ගේ අභ්යන්තර කුළල් කා ගැනීම් මෙන් ම, රාජපක්ෂ නිකායේ භික්ෂූන්ගේ ද කුළල් කා ගැනීම්වලින් පා ගමන අවසන් විය.
එහෙත් මේ වනවිට කොළඹ විහාර මහ දේවී උද්යානයේ රැඳී සිටින බලංගොඩ කස්සප ප්රමුඛ කිහිප දෙනෙකු තව දුරටත් ගෙන යන විරෝධතාව මුළුමනින් ම නාමල් රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුලේ ගැලවීම වෙනුවෙන් ක්රියාත්මක වන්නක් බව තහවුරු වී තිබේ.
Views: 207










