උලපනේ හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨසය පැය 04ක ප්‍රකාශයක් සටහන් කර ගනී

උලපනේ හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨසය පැය 04ක ප්‍රකාශයක් සටහන් කර ගනී

විහාර මහාදේවී උද්‍යානයේදී බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය විසින් පහර දුන් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨසය උලපනේ සුමංගල හිමියන්ගෙන් පැය 04කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කීපදෙනකු ඒ හිමියන් ඉගැන්වීම් කටයුතු සිදු කරන නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විද්‍යාලයට ගොස් එම ප්‍රකාශය ලබාගෙන ඇති බව පැවැසේ.

බලංගොඩ කස්සප හිමියන් විහාර මහාදේවී උද්‍යානයේ බිම ඇදවැටී සිටියදී එම ස්ථානයේ සිටි පිරිසක් උන් වහන්සේට මූලික ප්‍රථමාධාර ලබාදී පසුව 1990 ගිලන් රථ සේවයේ නිලධාරීන් එම ස්ථානයට ගෙන්වා ප්‍රතිකාර සදහා උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

කෙසේවෙතත් මූලික ප්‍රතිකරවලින් පසු අත්‍යාවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට සූදානම් වීමේදි එය ප්‍රතික්ෂේප කර ටිකට් කපාගෙන රෝහලෙන් පිටව ගොස් තිබිණි.

කෙසේ වෙතත් බලංගොඩ කස්සප හිමියන්ට පොලිසිය විසින් පහරදුන් බවට එම අවස්ථාවේ උලපනේ සුමංගල හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දී තිබිණි.

Facebook
Twitter
LinkedIn