හිටපු රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක අමතිධුරය දරන සමයේ ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ කම්කරු තනතුර සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව අනියම් කම්කරු තනතුරු සඳහා 2023 / 2024 වසරවල සේවකයන් බඳවා ගැනීම සිදුකර මේ දක්වා රුපියල් තුන්කෝටි හතලිස් හතර ලක්ෂ තිස් අටදහස් හයසිය පනහයි ශත හතලිස් දෙකක (රු. 34,438,650.42) මුදලක් එකී අනියම් කම්කරුවන්හට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන් එම පුද්ගලයින්ට අයුතු සහගත වාසියක් සිදු කර දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනා මතය.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවග ගත් ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
23









