නාමල් රාජපක්ෂ පවත්වන ගෘහස්ථ සාකච්ඡාවලදී ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පමණක් නොව ඇතැම් අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ ද පාවා දෙමින් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටී.
.පසුගිය දිනයක ගොවීන් කිහිප දෙනෙකු හමු වූ අවස්ථාවක දී ද ගෝඨාභය රාජපක්ෂට තියුණු විවේචනයක් එල්ල කරනු ලැබීය. නාමල් රාජපක්ෂ ගෙන යන එම ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව අවධානය යොමු කරන විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙන්නේ “බයි තක්සලාව” අනුව යන නාමල් රාජපක්ෂගෙන් ඊට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැකි බවයි.
ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරයේ පදනම ලෙස 2016 පෙබරවාරි 04 වෙනි දින වියත්මග සංවිධානය පිහිටුවා ගත්තේය. ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් එම සංවිධානයේ ආරම්භකයින් වූ බව පෙන්වා දී ඇත. එහෙත් නාමල් රාජපක්ෂගේ බයි තක්සලාව ප්‍රචාරක ව්‍යාපාරය මිලින්ද රාජපක්ෂ, ඉරාජ් වීරරත්න, අර්ජුන් කමලනාත් වැනි පිරිසකට බාර දී ඇති අතර එය මගින් තවදුරටත් පාදඩකරණය ම ඔහුගේ උපාය මාර්ගය වී ඇතැයි පෙන්වා දී තිබේ.










