රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි…

රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි…

කලක් රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රංගන ශිල්පී සමන් අල්මේදා අද (26) උදෑසන අභාවප්ප්‍රාප්ත වී තිබේ.

වසර 1965 ඔක්තෝබර් 18 වැනිදා උපන් ඔහු අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 61කි.

ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත් ඔහු වේදිකාව, පුංචි තිරය සේම රිදී තිරයේද රංගනයෙන් දායක වූ අයෙකි.

අභාවප්‍රාප්ත සමන් අල්මේදාගේ දේහය, අද පස්වරුවේ සිට මහජන ගෞරවය සඳහා මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වැනිදා පස්වරු 06.00ට ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn