මහින්දගේ මස්සිනා රාජපක්ෂලාට දුවන්නම දෙයි

මහින්දගේ මස්සිනා රාජපක්ෂලාට දුවන්නම දෙයි

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර මේ වනවිට වසර 13කට වැඩි කාලයක් ගෙවී ගොස් ඇති අතර රුපියල් කෝටි 6,600කට වැඩි පාඩුවක් දරන සුදු අලියෙක් බව විගණන වාර්තාවලින් හෙළි වී තිබේ.

එවැනි තත්වයක් මත මැදපෙරදිග පවතින යුද්ධය හමුවේ මත්තල ගුවන් තොටුපල ඵලදායී ආර්ථික මෙහෙයුම් සඳහා යොදා ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකු වන උදයංග විරතුංග ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙතෙක් හෙළි වී නොතිබූ කරුණු රැසක් හෙළිදරව් කර ඇත.

“මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල එමිරේට්ස් සහ කටාර් වැනි ලෝකයේ ඉහළම ගුවන් සේවා සඳහා විකල්ප ගුවන් තොටුපලක් ලෙස භාවිතා කරනවා කියලා අද පුරාම කියා ගෙන යනවා. ඇත්තම මත්තලට මගීන් රැගෙන එන ගුවන් ගමන් ආරම්භ කරනවා කියන්නේ ඉතාම අමාරු වැඩක්.” ආදී වශයෙන් කරුණු රැසක් හෙළි කර ඇත. ඔහුගේ එම සටහන සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වා මීට පැය කිහිපයක පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තවත් සටහක් තබමින් “Aeroflot, AZUR ගුවන් තොටුපලේ සේවාවන් සඳහා SriLankan වෙත ඍජුව ගෙවීම් සිදු කරන අතර, මත්තල Red Wings සේවාවන් සඳහා එවැනි ඍජු ගෙවීම් සිදු නොවී, SriLankan කොමිස් මුදල් “පවුලේ Tropical” ආයතනයට පමණක් ලැබෙන පරිදි මෙම ගෙවීම් ක්‍රමය පවත්වාගෙන යන්නේ ප්‍රභූ පවුලේ සැලසුම මත බව මාලිමා ආණ්ඩුවේ ඇතැම් නායකයන්ට තවමත් තේරුම් ගත නොහැකිවීම කණගාටුවට කරුණක් ලෙස සටහන් කර තබමි.” යනුවෙන් වැඩි දුරටත් කරුණු දක්වා ඇත.

Facebook
Twitter
LinkedIn