රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති හෙට දිවයිනට…

රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති හෙට දිවයිනට…

රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති රෝමන් මාර්ෂවින් (Roman Marshavin) හෙට (26) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඔහු මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ඛනිජතෙල් හා ගල්අඟුරු සැපයුම් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා බවද වාර්තා වේ.

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය වාතාවරණය මත ලෝකයේම හටගෙන ඇති බලශක්ති අර්බුදය හමුවේ ලංකාවට ඉන්ධන සපයා ගැනීම සඳහා පසුගයදා විදේශ කටයුත, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ මෙරට රුසියානු තානාපති අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබිණි.

රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති රෝමන් මාර්ෂවින්ගේ (Roman Marshavin) මෙරට සංචාරය එම සාකච්ඡා අනුව සිදුවන්නක් බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn