සජීන් ද වාස්ට අධිචෝදනා

සජීන් ද වාස්ට අධිචෝදනා

අල්ලස් කොමිසම විසින් පසුගියදා අත්අඩංගුවට ගත් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ඊයේ (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි.

නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය 09 වනදා අත්අඩංගුවට ගත් සජින් ද වාස් ගුණවර්ධන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන ක්‍රියාත්මක වන්නේ රුපියල් මිලියන 243.8ක වත්කම් ඉපයීම සිදු කළ ආකාරය සම්බන්ධයෙනි.

Facebook
Twitter
LinkedIn