ලිට්‍රෝ ගෑස් රු. 300කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් රු. 300කින් ඉහළට

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්වයත් සමග ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවා තබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,990කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1,602ක් වේ.

මේ අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750ක් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්