තවත් කුෂ් සහ හෂීස් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

තවත් කුෂ් සහ හෂීස් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් දහතුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් (රු. 133,940,000) වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඕමානයේ මස්කට් නුවර සිට අද (25) අලුයම මෙරටට පැමිණ ඇති සැකකරුවන් තිදෙනෙකු, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන රේගු භාරයට ගෙන තිබේ.

අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය තොගය, ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී කුෂ් කිලෝ 10යි ග්‍රෑම් 394ක් සහ හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 912ක් සොයා ගෙන තිබේ.

සැකකරුවන් අතර, නාත්තණ්ඩියේ පදිංචි පෙදරේරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු මෙන්ම, කොළඹ ග්‍රෑන්ඩ්පාස් පදිංචි ව්‍යාපාරිකයෙකුද සිටින බව පැවසේ.

Facebook
Twitter
LinkedIn