කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කිරීමට නොහැකිවූ රියැදුරු බලපත්‍ර ලක්ෂ 05කට ආසන්න සංඛ්‍යාවක් ලබන මාර්තු මාසය නිමවීමට ප්‍රථම අදාළ අයිතිකරුවන් වෙත යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
දැනටමත් ලක්ෂ 08ක හිස් කාඩ්පත් ප්‍රමාණයක් සපයාගෙන ඇති බැවින් මුද්‍රණ කටයුතු වේගවත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසයි.
බලපත්‍ර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන්ව පවතින බවද ඔහු පවසයි.
106









