06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්​බන්ධ CID විමර්ශන අවසන් අදියරට

06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්​බන්ධ CID විමර්ශන අවසන් අදියරට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 06 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය සහ සෝදුපත් කියවන නිලධාරීන් ඇතුළු පිරිසක්ද අයත්වෙන බව සදහන්ව තිබේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ අභ්‍යන්තර මූලික විමර්ශන පවත්වන කමිටුවේ වාර්තාවද බොහෝ දුරට එළඹෙන සතියේදී භාර දීමට නියමිතව ඇති බව අමාත්‍යාංශ විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

මේ වනවිටත් නිමකර ඇති සියලුම මොඩියුල විශේෂ පරීක්ෂණයකට ලක්කිරීම, විද්වද් උපදෙස් ලබා ගැනීම සහ අදාළ මෙඩියුලර් නැවත පූර්ණ සමාලෝචනයකට ලක් කිරීමද මේ වනවිට සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඊයේ(15) දිනයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

දිනමිණ

Facebook
Twitter
LinkedIn