ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) දහවල් නාගදීප රජ මහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.
අද උතුරේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගීවන අතරතුර ජනාධිපති මෙම අවස්ථාවට එක් වූ අතර විහාරාධිපති හිමියන් මෙහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපති වෙත ආශිර්වාද පළ කළහ.
ජනාධිපති අනුර දිසානායක මෙහිදී විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමඟද සුහද කතා බහක නිරත විය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




83









