ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව පසුගිය 2025 වර්ෂයේ දී රටක් ලෙස ශ්‍රී ලංකාවට අත්පත් කර දුන් ආර්ථික ජයග්‍රහණ ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ.
ක්ෂේත්‍ර ගණනාවකින් ලබා ගෙන ඇති ජයග්‍රහණ ගැන දත්ත ඇතුලත් සටහනක් උපුටා ගෙන පහත දැක්වේ.
2025 අවුරුද්ද
- ඉතිහාසයේ ඉහළම විදෙස් ප්‍රේශණ ලැබූ වසර. ඩොලර් බිලියන 8+
- ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම ලැබූ වසර, ඩොලර් බිලියන 18+
- ඉතිහාසයේ ඉහළම සංචාරක ආකර්ෂණය ලැබූ වසර , ලක්ෂ 23+
- ඉතිහාසය ඉහළම රේගු බදු ආදායම ලැබූ වසර , රුපියල් බිලියන 2500+
- ඉතිහාසය ප්‍රථම වරට පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන 43% කින් ඉහළට, මුල්ම වරට ඩොලර් බිලියනය පසු කරයි. ඩොලර් බිලියන 1.3+
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම ආදායම ලැබූ වසර. රුපියල් බිලියන 2200 +
- ඉතිහාසයේ ඉහළම සුරා බදු ආදායම ලැබූ වසර. රුපියල් බිලියන 230+
- ඉතිහාසයේ එතෙක් මෙතෙක් කොටස් වෙලඳ පළ වසරක ලැබූ ඉහළම ප්‍රගතිය. ASPI – 23,769
- මෙම වසරේ නොවැම්බර් මාසය වන විට මිල්කෝ සමාගම බදු ගෙවීමට පෙර ලැබූ ලාභය රුපියල් බිලියන 1.49 ක දැවැන්ත අගයක් ගෙන ඇත.මීට පෙර මිල්කෝ සමාගම ලැබූ බදුවලට පසු ලැබූ ඉහළම ආදායම ලෙස සටහන් වී තිබුණේ රුපියල් මිලියන 339 කි.
අවුරුද්දකට මේ ඇති නේද?
159









