පාසල් සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගොදුරු වීම පිටුපස අධ්‍යාපනයේ දැඩි පීඩනය පවතින බව අනාවරණය වී තිබේ.
විවිධ අවස්ථාවල දී අධ්‍යාපනඥයන් මේ පිළිබඳව පෙන්වා දී ඇතත් ඒ පිළිබඳව සමාජයේ අවධානය ඉතා අවම මට්ටමක පවතී. පාසල්වල පමණක් නොව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පීඩනය ද සිසුන් හට දරා ගත නොහැකි මට්ටමේ කොටු කිරීමකට ලක් කර සිටී. මෙම කරුණු මත සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉතා පහසු ඉලක්කයක් බවට අධ්‍යාපන ක්ෂේත්‍රය පත් වී ඇතැයි හඳුනා ගෙන තිබේ.
මේ පිළිබඳව විශ්ලේෂකයන් ඉදිරිපත් කර තිබෙන්නේ පාසල් හා ටියුෂන් රටාවේ දැඩි පීඩාකාරී බව, විභාගවල පවතින ඒකාකාරී පීඩාකාරී බව, දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්ගෙන් එල්ල කෙරෙන පීඩනය සහ ප්‍රවාහනයේ පවතින පීඩනය යන මූලික පීඩාවන් හතරකට සිසු සිසුවියන් ගොදුරු වී ඇති බවයි. එම පීඩාවලින් සහනයක් ලබා ගැනීම සඳහා විවිධ මත්ද්‍රව්‍යවලට දරුවන් වේගයෙන් යොමු වන ප්‍රාමාණික විද්වතුන් පෙන්වා දී තිබුණ ද ඒ පිළිබඳ සමාජයේ අවධානය අවම මට්ටමකට හෝ යොමු වී නැත.









