රජය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිළි වන බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැති මේ බව සදහන් කළාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.
මේ වනවිට ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය පිළිබද යම් අදහසක් තියනවා නම් කවුරුවත් ආරක්ෂා කරන්න රජය කටයුතු කරන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිළියි. මේ පාර්ලිමේන්තුවේ සිටින සහ දැනට පාර්ලිමේන්තුවේ නැති බොහෝ දෙනෙක්ට නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. වසර 15ක් 20ක් පැරණි සිද්ධි නැවත විමර්ෂණය කරමින් අපිට මේ නඩු පැවරීම සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒකට යම් කාලයක් යනවා.
“ජනාධිපතිතුමන් විසින් 2024 ජනාධිපතිවරණයේ ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිය මත පාලනයක් සමප්‍රවේශීය අධිකරණ පද්ධතියක් යටතේ, අල්ලස් කොමිසම සහ නීතිපති කොමිසම මගින් ඉල්ලා අස් කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනයට ලක් කර සුදුසු නඩු සඳහා නැවත නඩුකර පැවරීමට කටයුතු කරනවා. 2019 වර්ෂයේ සිට 2024 දක්වා ඉල්ලා අස්කර ගත් මුලු නඩු සංඛ්‍යාව 102ක් එයින් 65කට නැවත නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. 34ක් සඳහා නැවත නඩු නොපැවරීමට තීරණය කළා. තවත් නඩු 3ක් නැවත නඩු පැවරීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටිනවා.
අපි තරාතිරම බළලා නෙමෙයි මේවා තීරණය කර තිබෙන්නේ. අදාළ නඩුකරවලට පවතින සාක්ෂි අනුව ගත හැකි සියළු පියවර අපි ගනිමින් ඉන්නවා. රජය කිසි ලෙසකින් කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ. පැවති ආණ්ඩු වල සිටි එකිනෙකා ආරක්ෂා කළ අයම රජය අධිකරණ ක්‍රියාවලිය නැවැරදිව කරගෙන යනවිට එකිනෙකා ආරක්ෂා කරනවාදැයි අහන ප්‍රශ්නයම විහිළුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.









