වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඔවුන් වෙනිසියුලාවෙන් පිටතට රැගෙන ගොස් ඇතැයිද වාර්තා වේ.
ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග අනුව වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසුවය.
මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක් වෙතය.
ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලය මුළුල්ලේම වෙනිසියුලාවට එරෙහිව විවිධ සම්බාධක පනවමින් මධුරෝ පාලනයට දැඩි බාධා එල්ල කමින් පැවතියේය. එම පීඩනයන් හමුවේ යටත් කර ගැනීමට නොහැකි වූ ජනාධිපති නිකලෝස් මධුරෝ සහ එම පාලනය මේ වනවිට එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් මිලිටරි බලය යොදවා අත්අඩංගුවට ගෙන තිබේ.
236










