වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධුරෝ විසින් මේ වනවිට රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පවතින තත්වය හමුවේ, වහාම බලමුළුගැන්වීමේ සැලසුම් සක්‍රීය කරන ලෙස ජනාධිපති එරට සියලුම සමාජ හා දේශපාලන බලවේගවලින් ඉල්ලා සිටී.
වෙනිසියුලාවේ කරාකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් BBCය තහවුරු කර ඇතැයි වෙනිසියුලාව පවසයි.
එරට වේලාවෙන් අද (3) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි.
ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක් බව සඳහන් වේ.
ඒ හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට අඩාල වී ඇත.
පිපිරීම්වලින් අනතුරුව නගරයට ඉහළින් ගුවන් යානා පියාසර කරන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා වෙනිසියුලාවට අනතුරු අඟවා තිබුණේ, එරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවය.
ඒ හේතුවෙන් ළඟදීම ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන බවටද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබිණි.















