පෙරළිකාරී නව වසරකට කඳවුරු බඳී

පෙරළිකාරී නව වසරකට කඳවුරු බඳී

ශ්‍රී ලංකාව පසුගිය වසර අවසානයේ මුහුණ දුන් දරුණු ස්වාභාවික ව්‍යසනයෙන් මෙන් ම, වසර 76ක් පාලනය කළ අවර ගණයේ සියලු ක්‍රියාමාර්ග නිමා කරමින් ජවයෙන් නැගී සිටින වසරක් බවට 2026 වසර පත් වනු ඇතැයි සෑම ක්ෂේත්‍රයකින් ම බලාපොරොත්තු දැල්වී තිබේ.

ව්‍යසනයෙන් රට ගොඩ නැගීම සඳහා ගෞරවනීය මහා සංඝරත්නය ඉටු කළ සුවිශේෂී කාර්යභාරය ප්‍රමුඛස්ථානයක තබා ගනිමින් මේ වනවිටත් රට තුළ දැඩි පිබිදීමක් ඇති වී තිබේ. ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ, පොදු මහජනතාව මෙන් ම රාජ්‍ය අංශයේ බොහෝ නිලධාරීන් ද සුවිශේෂී කැප කිරීම් කරනු ලැබීය.

රට තුළ පවතින මෙම ප්‍රබෝධය හමුවේ විදේශගත ශ්‍රී ලාංකිකයින් ද අද (ජනවාරි 01) සිට බ්‍රිතාන්‍ය පවුම් 10 බැගින් එකතු කරමින් මෙරටට ආධාර කිරීම තව දුරටත් ශක්තිමත් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිති. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී පසුගිය වසරේ දී අත්පත් කර ගත් විශ්මයජනක ජයග්‍රහණ තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ජාතික ආර්ථිකයේ වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි බවට පුරෝකථනය කර තිබේ.

විදේශ රටවල මෙන් ම, ජාත්‍යන්තර සංවිධානවල ද සුවිශේෂි අවධානය ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වී ඇති අතර, පුනරුදයේ පෙරළිකාරී ආරම්භය මෙම වසර තුළ අත්කර ගත හැකි වෙතැයි බලාපොරොත්තු පළ වී තිබේ.

Facebook
Twitter
LinkedIn