ස්වභාවික ව්‍යසනයෙන් අවතැන්භාවයට පත් වූ පුද්ලයන් සඳහා සහනසේවා කටයුතුවල නිරත ස්වේච්ඡා සහන සේවකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලංකාපුර ප්‍රාදේශීය සභාවට තේරීපත්ව සිටින දිලිත් ජයවීරගේ නායකත්වයෙන් පිහිටුවාගෙන තිබෙන සර්ව ජන බලය පක්ෂයේ අල්හිලාල්පුර කොට්ඨාසයේ මන්ත්‍රී මුහම්මදු කාසිම් අබ්දුල් සමඩ් නැමැත්තා ලංකාපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අංක 116, ගල්වල පාර, අල්හිලාල්පුර, තඹාල ලිපිනයේ පදිංචි මෙම මන්ත්‍රී, ව්‍යසනයට පත් ජනතාවට සහන මලු බෙදාදීම සඳහා පැමිණ ඇති අතර ග්රාමනිලධාරීවරුන්ගේ මැදිහත්වීමෙන් රජය විසින් සකස් කරන ලද ආපදාවට ලක් වූවන්ගේ සත්‍ය නාමලේඛනය ඉවත් කර තමන්ට හිතවත් පිරිසකගේ නම් ලේඛණ ගත කර සිය සහන මලු බෙදා දීමට කටයුතු කර ඇත.
එහිදී උරන වූ ජනතාව ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පල කර ඇති අතර සර්ව ජන බලය මන්ත්‍රීගේ මෙම ක්‍රියාව ප්‍රශ්න කළ තරුණයෙකුට එම මන්ත්‍රී විසින් පහරදී තිබේ. එහිදී ඔහුගේ දත් 04ක් කැඩී ඇත. එම ගැටුම සමතයකට පත් කිරීමට මැදිහත්වූ සහනසේවා කටයුතුවල නිරත ස්වේච්චා සෙවකයෙකුටද මෙම මන්ත්‍රී පරදි ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.










