හැටන් දුම්රිය ස්ථානය ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි

හැටන් දුම්රිය ස්ථානය ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි

හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයා ඇතැයි වාර්තා වේ.

මෙම ආදායම උපයා ඇත්තේ දුම්රිය ස්ථානය මෙතෙක් භාවිතයට නොගත් ගොඩනැගිලි දෙකක් පිළිසකර කර කුලී පදනම මත ලබාදීමෙණි.

හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23,000ක ගොඩනැගිලි දෙකක් දින 14ක කාලයක් සඳහා තාවකාලිකව වෙළඳාම් කිරීම සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

දීපාවලී උත්සව සමය වෙනුවෙන් එම තීරණය ගැනීමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.

Facebook
Twitter
LinkedIn