වස්සාන සමයේ පෙරවස් එළඹුනු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම ප්රධානකොට ගත් වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ.
සැරියුත් මහ නාහිමියන් ප්රඥාලාභී භික්ෂූන් අතර අග්රස්ථානය ලැබීම මෛත්රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වේ.
එමෙන්ම බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකරවීම සිදු වූයේද අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
Views: 1










