නීති ප්‍රවීණයෙකුගෙන් කෙළින්ම උත්තරයක්

නීති ප්‍රවීණයෙකුගෙන් කෙළින්ම උත්තරයක්

රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම සරළ ලෙස පැහැදිලි කිරීමට එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඉදිරිපත් වී සිටිති.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න කර තිබෙන විග්‍රහය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. යම් සැක සහිත කටයුත්තක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පොලිසිය ඇතුළු ආයතනවල කාර්යභාරය බව අවධාරණය කර තිබේ.

එම පරීක්ෂණ මත අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීත්‍යානුකූල කටයුත්තක් බවත්, අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට හෝ පිරිසකට සැකයක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ද පැහැදිලි නීතිමය ප්‍රතිපාදන ඇතැයි ආචාර්ය සුනිල් අබේරත්න පෙන්වා දෙයි.

එම පැහැදිලි කිරීම් ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn